• 001
  • 002
  • 003
  • 004
  • 006
  • 007

Related WebSites

sri lanka world scout scoutface stosafb
wcec stcl oba kisc

WCAC logo

HIT COUNT

244699
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
59
285
1731
17205
5474
9782
244699

Your IP: 54.226.5.29
Server Time: 2013-05-26 03:23:29

Who's Online

We have one guest and no members online

Welcome to St. Thomas' Old Scout Association Official Web Site

logo-stosa2-මාතලේ සාන්ත තෝමස් ආදී බාලදක්ෂ සංගමයේ නිළ වෙබ් අඩවිය ඔබ සාදරයෙන් පිළිගනිමු. 2001 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම සංගමය 2 වන මාතලේ සාන්ත තෝමස් බාලදක්ෂ සමූහයේ උන්නතිය හා අභිවෘර්ධිය වෙනුවෙන් තම සක්‍රිය සේවාව ලබා දෙමින් සිටිමු. සාන්ත තෝමස් බාලදක්ෂයන් ලෙස බාලදක්ෂ ලෝකයට පා තැබූ අප අද වන විට විවිධ කේත්‍රයන් නියෝජනය කරන අතර අප මෙම උතුම් බාලදක්ෂ ව්‍යාපාරය තුලින් ලද ශක්තිය හා පන්නරය අපගේ කුඩා බාලදක්ෂයන්ට දායාද කිරීම වෙනුවෙන් විවිධ බාලදක්ෂ ඉසව්වන් සංවිධානය කරමින් සිටිමු. මේ වන විට ජාතික තලයේ බාලදක්ෂ ක්‍රියාකාරකම් රැසක් සමස්ථ ශ්‍රි ලංකීය බාලදක්ෂ පරපුර වෙනුවෙන් පවත්වන්නට අපට ශක්තිය ලැබී ඇත. එයයි අප ලද පන්නරය. ඔබත් සාන්ත තෝමස් ආදී බාලදක්ෂයකු නම් මෙම මහගු සත්කාරය වෙනුවෙන් අප හා අත්වැල් බැදගන්නට එක්වන්න අප සමග. වරක් බාලදක්ෂයා සැමදා බාලදක්ෂයෙකි.......
 
Presidents' Message Past Presidents
Dagiසාන්ත තෝමස් ආදී බාලදක්ෂ සංගමයේ නිළ වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම භාග්‍යක් සේ සලකමි. කුඩා නවක බාලදක්ෂයන් ලෙස මාතලේ සාන්ත තෝමස් විදු පියස තුලට පියමැනූ අපි එදා මෙදා තුල බාලදක්ෂ දිවියේ නොයෙක් අත් දැකිම් ලබා ඇත්තෙමු. කදවුරැ ජීවීතය, ගිනිමැල සන්දර්ශන, ගවේෂන පාගමන් හා විවිධ සමාජ සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් එයින් ලද පන්නරය තුලින් අද දිනය වනවිට සමාජයේ විවිධ ස්ථරයන් වල රැකියා සදහා  විශාල පිරිසක් දායාද කර ඇත්තෙමු.

අප ආදී බාලදක්ෂ සංගමය 2001 වසරේ අගෝස්තු මස 26 වන දින ආරම්භය සනිටුහන් කල අතර අද දින වනවිට විද්‍යාලීය බාලදක්ෂ සමූහය වෙනුවෙනුත් සමස්ත බාලදක්ෂ පරපුර වෙනුවෙනුත් දැවැන්ත කාර්යභාරයක් ඉටුකර ඇත්තෙමු. ඔබත් සාන්ත තෝමස් විද්‍යාලීය ආදී බාලදක්ෂයෙක් නම් අප සමග එක්වීමට මෙම වෙබ් පිටුව පිටුවහලක් සලසනු ඇතැයි මා අදහස් කරමු.

2011 - 2012 2009 - 2010
ck wass
Mr. C.K. Abeywardene Mr. Krishan Wasalage
2008 2007
ck amal
Mr. C.K. Abeywardene Mr. Amal Somaweera
Read More

විල්ෂයර් ක්ලයිම්බර් ඇඩ්වෙන්චර් කැම්පරි 2013 සාර්ථකව අවසන් වේ.

සාන්ත තෝමස් බාලදක්ෂ සංගමය හා සාන්ත තෝමස් ආදී බාලදක්ෂ සංගමය විසින් විසින් වාර්ෂිකව සංවිධානය කරන විල්ෂයර් ක්ලයිම්බර් ඇඩ්වෙන්චර් කැම්පරි 2013 අප්‍රේල් මස 06 වන දින සිට 09 වන දින දක්වා මාතලේ විල්ෂයර් රක්ෂිතයේදී වනගත බාලදක්ෂ කදවුරක් ලෙස දිවයිනේ තෝරාගත් බාලදක්ෂ කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් විය.

Read more...

දිසා සංගමයේ නව භාණ්ඩාගාරික ආර්.එල්. දයාවංශ මහතා ඇතුලු කමිටුවට පත්වූ සාන්ත තෝමස් ආදී බාලදක්ෂයන්ට අපගේ ප්‍රණාමය.

Dayawanshaදිසා බාලදක්ෂ සංගමයේ නව භාණ්ඩාගාරික ලෙස පත් වූ සාන්ත තෝමස් ආදී බාලදක්ෂ ආර්. එල්. දයාවංශ මහතා (ජනාධිපති බාලදක්ෂ) ඇතුලු කමිටු සමාජිකයන් ලෙස පත් වූ චමල් ජයවීර මහතා සහ අනුෂ්ක රම්බඩගල්ල මහාතා වෙත ආදී බාලදක්ෂ සංගමයේ උණුසුම් සුභ පැතුම් මෙසේ පුද කරමු.

අභිනවයෙන් පත්වූ නව දිසා සංගම් ලේකම් දර්ශ චන්ද්‍රසිරි මහතාට උණුසුම් සුභ පැතුම්...........!

darshaදිසා බාලදක්ෂ සංගමයේ 2013 වසර සදහා වන නිළවරණය 2013 අප්‍රේල් 02 වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශුවණාගාරයේදී පැවැත්වින. එහිදි දිසා බාලදක්ෂ සංගමයේ ගරු ලේකම් ලෙස සාන්ත තෝමස් ආදී බාලදක්ෂ සංගමයේ අනුෂාසක දර්ෂ චන්ද්‍රසිරි මහතා පත් වූ අතර එතුමාට අප සංගමයේ සුභ පැතුම් පුද කරමු.

 

BRAVO.......................!

විල්ෂයර් ක්ලයිම්බර් ඇඩ්වෙන්චර් කැම්පරි 2013 සංවිධායක කමිටු ලියාපදිය ආරම්භ වේ.

wc logoවිල්ෂයර් ක්ලයිම්බර් ඇඩ්වෙන්චර් කැම්පරි 2013 සදහා සහභාගීවන සියලු සංවිධායක කමිටු සමාජිකයන් ලියාපදිංචි කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව විල්ෂයර් ක්ලයිම්බර් ඇඩ්වෙන්චර් කැම්පරි 2013 සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි. ඒ සදහා සහභාගී වන සංවිධායක මණ්ඩලයේ සියලු බාලදක්ෂයන් බාලදක්ෂ නායකයන් ආදී බාලදක්ෂයන් අප්‍රේල් 06 වන දිනට පෙර ලියාපදිංචි විය යුතු අතර ඒ සදහා වන අයදුම්පත් මේ සමග අමුණා ඇත. ලියාපදිංචිය සදහා රුපියල 500ක මුදලක් අයකරන අතර සෑම ලියාපදිංචි වන සමාජිකයෙකු හටම කැම්පරි කරලේන්සුව පදක්කම සහ කැම්පරිය පැවැත්වෙන දින 4 සදහා ආහාර සපයනු ලැබේ.

ලියාපදිංචි අයදුම්පත

Read more...